අධි ඇසළ පොහෝ දිනය අදයි

July 3, 2023

අධි ඇසළ පුර පසලොස්වක පොහොය අදට යෙදී තිබේ. මෙලෙස අධි පොහෝ දිනයක් යෙදෙන්නේ වසර 04 කට වරක්වීම විශේෂත්වයක්.

භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කරන මෙම පො‍හෝ දිනය සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් හේතුවෙන් ලෝ වැසි බෞද්ධ ජනතාවට වැදගත්වේ.සකල ලෝ වැසියන්ගේ හිතසුව පිණිස වසර හතළිස් පහක් පුරා පැවැති බුදුරදුන්ගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ ඇසළ පුර පසළොස්වක පෝය දිනයකදීය.

වෙස්සන්තර ආත්මභාවයෙන් පසු තුසිත දෙව්ලොව උපත ලැබූ බෝසතුන් මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ ඇද වැනි පොහොය දිනකදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්වේ.සිදුහත් කුමරු සතර පෙර නිමිති දැක ගිහිගෙය කලකිරි අභිනික්මන් කළේ ද අද වැනි පුන් පොහෝ දිනකයි.

t

o

p