ශ්‍රී ලංකාව ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබයි

July 2, 2023

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6දෙනාගේ වටයේ අද (02) පැවැති තරගය සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත්කරමින් කඩුලු 9ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 32 යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවීරැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 165ක් පමණි.

ලකුණු 166ක ජයග්‍රහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 33ක් එක් පන්දුවක් තුළ එක් කඩුල්ලක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

t

o

p