මධ්‍යම කඳුකරයට තද වැසි – විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

July 2, 2023

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (02) අලුයම සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජන ජීවිතයට බාධා එල්ල වී තිබේ.

නෝටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග විමසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ආරම්භ වී ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් කියා සිටියි.

විමලසුරේන්ද්‍ර ජලාශයේ පිටාර ගැලීම හේතුවෙන් කැලණි ගගේ ජල මට්ටම ඉහළ යා හැකි බව ද ජලාශ භාර ඉංජිනේරුවරුන් සඳහන් කරයි.

පවතින අධික වර්ෂාවත් සමග හැටන් – නුවරඑළිය, හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ සහ අතුරු මාර්ගවල රථ වාහන ධාවනයට බාධා පැමිණ තිබේ.

අදාළ එම මාර්ගවල රථ වාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙසටයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

t

o

p