ශ්‍රී ලංකා – සම්බාබ්වේ සුපිරි 6 වටයේ තීරණාත්මක තරගය අද

July 2, 2023

2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද(2) දහවල් 12යි 30ට බුලවායෝහිදී ආරම්භ වීමට නියමිතයි.

සිම්බාබ්වේ කණ්ඩායම සමග අද පැවැත්වෙන තරගය ජය ගැනීම ද, ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක වනු ඇත.

ආබාධයකට ලක්වීම හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූ බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (01) නිවේදනය කළේ ය.ඔහු වෙනුවට සංචිතයට කැඳවා ඇත්තේ සහන් ආරච්චිගේ යි.

t

o

p