ට්විටර් පොස්ට් සංඛ්‍යාවට සීමාවක්

July 2, 2023

ට්විටර් සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට දිනකට පරිශීලනය කළ හැකි පොස්ට් සංඛ්‍යාව සීමාකර ඇත.ට්විටර් ගිණුම් හිමියන්ට පනවා ඇති මෙම සීමාවන් තාවකාලික බව ඉලෝන් මස්ක් නිවේදනය කරයි.

ඒ අනුව තහවුරු කළ ගිණුමක් සහිත පුද්ගලයෙකුට දිනකට පෝස්ට් දසදහසක සංඛ්‍යාවක් පරිශීලනය කළ හැකි වේ.එමෙන්ම තහවුරු නොකළ ගිණුමක් සහිත පුද්ගලයෙකුට දිනකට පරිශීලනය කළ හැකි වන්නේ පෝස්ට් දහසක සංඛ්‍යාවක් පමණි.

නව සීමාවන් පැනවීම සම්බන්ධයෙන් නිවේදනය කර පැය කිහිපයකට පසුව මෙය ක්‍රියාත්මකවීම විශේෂත්වයකි.

t

o

p