විදුලි බිල්පතේ වෙනසක්

June 27, 2023

ජූලි (01) වනදා සිට ඩිජිටල් විදුලි බිල්පත් ලබා දීමේ ක්‍රමවේදයක් දිවයිනේ ප්‍රදේශ 3ක විදුලි පාරිභෝගිකයින් සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි.

ඒ අනුව දෙහිවල, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන ප්‍රදේශවල පදිංචි විදුලි පාරිභෝගිකයින් සඳහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙනු ඇති බවද ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි.

එම පාරිභෝගිකයින්ට SMS හෝ ඊ-මේල් හරහා විද්‍යුත් බිල්පතක් එලෙස ලබා දීමට පියවර ගෙන ඇති බවත් මෙම සේවාව ලබා ගැනීම සඳහා SMS ඔස්සේ, REGA/C Number සටහන් කර එය 1987 අංකයට යැවීමෙන් ලියාපදිංචි විය හැකි බවද සදහන් කරයි.

තවදුරටත් ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කළේ, http://ebill.ceb.lk වෙත පිවිසීමෙන්ද ඒ සඳහා ලියාපදිංචි විය හැකි බවයි.

t

o

p