ස්කොට්ලන්තයේ අපරාජිත බව ගිලිහෙයි

June 27, 2023

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම නිමිත්තෙන් සිම්බාබ්වේ හිදී පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මූලික තරග වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (27 ) ස්කොට්ලන්තය සමග පැවැත්විය.

ස්කොට්ලන්තයට එරෙහිව අද පැවති තරගය ලකුණු 82ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

මෙම ජයග්‍රහණයත් සමඟ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ මූලික තරග සියල්ල අපරාජිතව නිම කිරීමට ශ්‍රී ලංකාව සමත්විය.

“බී” කාණ්ඩය යටතේ තරගාවලියට එකතු වූ ස්කොට්ලන්තය සහ ශ්‍රී ලංකාව එම කාණ්ඩයේ අපරාජිත බව රැකගත් කණ්ඩායම් දෙක වේ.

“බී” කාණ්ඩය යටතේ තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් 5 අතරෙන් ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමානය සුපිරි හයදෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා තිබේ.

t

o

p