සූදු ක්‍රීඩා නියාමනය කිරීමට නියාමන ආයතනයක්

June 27, 2023

සියලුම සූදු ක්‍රීඩා ක්‍රියාකරුවන්ට බලපාන ලෙස සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරිය නමින් නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

එමගින් සූදු ක්‍රියාකාරකම් හා සම්බන්ධ අපරාධ ක්‍රියාවන් වැළැක්වීම, සූදු ක්‍රීඩාවෙන් පුද්ගලයින්ට හා සමාජයට සිදුවන අයහපත් ප්‍රතිවිපාක අවම කිරීම සහ අපේක්ෂිත බදු ආදායම් නිසි පරිදි අයකර ගැනීමට නියමිතව ඇත.

එම ආයතනය ඇති කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

t

o

p