දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අද (28) පැවැත්වෙන විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා පැවසුවේ, අදාළ යෝජනා ලබන සිකුරදා මුදල් කාරක සභාවට ද ඉදිරිපත් කරන බවය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් සේවක අර්ථසාධක අරමුදල ඇතුළු කිසිඳු මහජන අරමුදලක සාමාජික ශේෂයට බලපෑමක් එල්ල නොවන බව ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපතිවරයා සඳහන් කළේ, මින් අතීතයේ ගෙවා ඇති සුපිරි විශ්‍රාම අරමුදල් ප්‍රතිලාභ අනුපාතයට ද කිසිදු ආකාරයකට බලපෑමක් නොවන බවයි.
එසේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් මෙරට බැංකු පද්ධතියේ ස්ථායීතාවයට හෝ කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක ස්ථායීතාවයට බලපෑමක් එල්ල නොවන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.