අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් නවතී

June 23, 2023

පෙට් ස්කෑන් පරීක්ෂණ සිදු කිරීමේදී රෝගීන්ට ලබා දෙන විකිරණශීලී එන්නත මහරගම අපේක්ෂා රෝහලේ නොමැති වීම හේතුවෙන් පිළිකා රෝගීන්ට සිදුකරන පෙට් ස්කෑන් පරික්ෂණ මාසයක කාලයක සිට නතර වී තිබේ. මේ හේතුවෙන් ප්‍රතිකාර ලැබීමට එන රෝගින් දැඩි අපහසුතාවට පත් ව ඇත.

පෙට් ස්කෑන් පරීක්ෂණය සිදු කිරීමට පෙර FDG නම් මෙම විකිරණශීලී එන්නත රෝගියාට ලබා දෙන අතර ඉන් පසු ස්කෑන් පරීක්ෂණය සිදුකරයි.

මහරගම අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ පසුගිය මැයි මස 26 වැනිදා සිට ඇනහිට ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම ද ප්‍රකාශ කළේය.

මේ වනවිට රජයේ රෝහල් පද්ධතියේ තිබෙන්නේ පෙට් ස්කෑන් යන්ත්‍ර දෙකක් පමණක් වන අතර අනෙක් යන්ත්‍රය කොළඹ ජාතික ‍රෝහලෙහි ස්ථාපනය කර තිබේ.

මෙම එක් යන්ත්‍රයක් මගින් දිනකට සිදුකළ හැක්කේ රෝගීන් දස දෙනකුගේ පරීක්ෂණ ප්‍රමාණයක් පමණි.

t

o

p