කාන්තාවන් වෙනුවෙන් ජපානයෙන් දැඩි තීරණයක්

June 17, 2023

කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජපානය දැඩි තීරණයක් ගෙන තිබේ.

ඒ, එරට ලිංගික අපරාධ නීති දැඩි කරමින්.

ඒ අනුව ස්ත්‍රී දූෂණයේ නිර්වචනය බලහත්කාරයෙන් ලිංගික ක්‍රියාවක නිරතවීමේ සිට අසම්මත ලිංගික ක්‍රියාවක් දක්වා පුලුල් කිරීමටයි එරට බලධාරීන් තීරණය කර ඇත්තේ.

ලිංගික ක්‍රියාවකට එකඟවීමේ වයස් සීමාව වූ අවුරුදු 13, අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට ද ජපානය තීරණය කර තිබේ.

එමෙන්ම ස්ත්‍රී දූෂණයකට ලක්වූ අයෙකු වේ නම් එය වාර්තා කිරීම සඳහා හෝ නීතිමය පියවර ගැනීමට ඇති කාලය වසර 10 යේ සිට 15 දක්වා වැඩි කිරීමට ද එමඟින් කටයුතු කර තිබේ.

ජපානයේ ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහිව දැවැන්ත හඬක් රට පුරා නිර්මාණය වුණේ 2019 වසරේ සිටයි.

ඒ, “ෆලවර් ඩෙමෝ” ව්‍යාපාරය හරහායි.

ඒ අනුව ජපානය විසින් ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහි නීති දැඩි කිරීමට තීරණය කළ අතර එරට පාර්ලිමේන්ව ද අද එය සම්මත කර තිබේ.

කෙසේවෙතත් විචාරකයින් පවසන්නේ ලිංගික ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට නීති දැඩි කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි.

t

o

p