ජාත්‍යන්තර පාසල් නියාමනයට විශේෂ ඒකකයක්

June 17, 2023

ජාත්‍යන්තර පාසල් පිළිබඳ කටයුතු කිරීමට හා ඒවා පිළිබඳ අධීක්‍ෂණය සහ නියාමනය කිරීම සඳහා විශේෂ ඒකකයක් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ පිහිටුවීමට අධ්‍යාපන කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී යෝජනා වී ඇත.

එමෙන්ම මේ සම්බන්ධයෙන් දැනට පවතින නීති රාමුව කාලීන අවශ්‍යතා අනුව සංශෝධනය විය යුතු බවටත් මෙහිදී අනාවරණය විය. එමෙන්ම මෙරට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර පාසල් පිළිබඳවත්, එම පාසැල් පද්ධතිය මඟින් සිසු දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය හා එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

මේ පාසල් පද්ධතිය තුළ අධ්‍යාපනය ලබන සිසු දරුවන්ගේ අයිතීන් පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, ජාත්‍යන්තර පාසල් සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නොපවතින අනෙකුත් පාසල් නියාමනය කිරීම සඳහා අවශ්‍ය නිර්ණායක ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සකස් කරමින් පවතින බවද මෙහිදී අනාවරණය විය.

අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා එම කාරක සභාවේ සභාපති (ආචාර්ය) වී. රාධක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අතර, එහිදී මෙම කරුණු අනාවරණය විය.

t

o

p