යළිත් කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා සාමාන්‍ය කාලසටහන අනුව දුම්රිය ධාවනය ආරම්භ කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
සිදුකළ මාර්ග අලුත්වැඩියාව සඳහා අනුරාධපුර ඕමන්තේ අතර දුම්රිය මාර්ගය පසුගිය ජනවාරි මාසයේදී වසා දැමු අතර ලබන මාසයේ යළි දුම්රිය ධාවනය ආරම්භ කරන බවද දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඉන්දියානු ණය ආධාර යටතේ දුම්රිය මාර්ගයේ කිලෝ මීටර් 62 කින් යුත් දුරක් අලුත්වැඩියා කළ අතර ඒ සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 33 බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ලබන මාසයේ සිට එම අලුත්වැඩියා කළ කොටසේ දුම්රිය ධාවනය පැයට කිලෝ මිටර් 100 ක වේගයෙන් ධාවනය කිරිමට හැකිවනු ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.