මෙරට ඩෙංගු මර්දන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුග්‍රහය දැක්වීමට එකඟතාව පළ කර තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සඳහන් කළේ, නේපාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ඔවුන් මෙලෙස සිය එකඟතාව පළ කළ බවයි.
ඒ අනුව ඩෙංගු මර්දන වැඩසටහන සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීම ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා සිදු කෙරෙන බව ද ඔහු සඳහන් කරයි.