ෆොන්සේකාගේ භික්ෂු පෙරමුණත් ජනපති සහායට

December 22, 2014

vikalpa bikshu peramuna

සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ විකල්ප භික්ෂු පෙරමුණ ඉදිරි ජනාධිපති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය ලබාදීමට අද (22) තීරණය කළ අතර එය දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් රාජගිරියේ පිහිටි එහි මූලස්ථානයේදී පැවැත්විය.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ විකල්ප භික්ෂු පෙරමුණ, සරත් ෆොන්සේකා, මහින්ද රාජපක්ෂ, බියගම සූසීල හිමි, දිවුරුම්වල විනීත හිමි, කෑගල්ලේ සුමංගල හිමි, මාදිවෙල සීවලි , කහවත්තේ ඥනසීහ

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ විකල්ප භික්ෂු පෙරමුණේ මහ ලේකම් බියගම සූසීල හිමියන් පැවසූවේ විජාතික බලවේග රජය අපහසුතාවකට පත් කරමින් රණවිරුවන් බටහිර යුධ අධිකරණයට ගෙන යෑමට ප්‍රයත්න දරමින් සහ සංවර්ධන කටයුතු ආපස්සසට හැරවීමට ක්‍රියාකිරීම පරාජය කිරීම සඳහා ජනාධිපති රාජපක්ෂ මහතාට සහාය ලබාදෙන බවය.

හෙළ උරුමය මගින් දැන් කෑලි කෑලිවලට කැඩී ගොස් ඇතැයිද සිංහල බෞද්ධයා වෙනුවෙන් ගොඩනැගුණු එම පක්ෂය වර්තමානයේදී විජාතික බලවේගවල රූකඩයක් වී ඇතැයිද රජයෙන් සියලු වරදාන සහ වරප්‍රසාද ලබාගෙන මෛත්‍රීපාල හවුලට එක්වීමෙන් පක්ෂයේ කීර්තියද සුනු විසුණු වී ඇති බවය.

හෙළ උරුමය මගින් දෙසැම්බර් 23වැනිදා පැවැත්වීමට යෝජිත සංඝ සම්මේලනයට ඡන්ද අයිතියත් නැති පිරිවෙන්වල ඉගෙන ගන්නා පොඩි හාමුදුරුවෝ සහභාගිකරගැනීමට කටයුතු කර ඇති අතර එය අද හෙළ උරුමය නොව විජාතික උරුමය ලෙස නම්කල හැකි බවය. මෙරට කලගුණ දන්නා ජනතාව ජනාධිපති රාජපක්ෂට ජනවාරි 8වැනිදා මහින්ද රාජපක්ෂට ඉහළින්ම සිය කෘතවේදීභාවය පළකරනු ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ විකල්ප භික්ෂු පෙරමුණ ප්‍රචාරක ලේකම් දිවුරුම්වල විනීත හිමියෝ පැවසූහ. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ගම්පහ ප්‍රධාන සංවිධායක කෑගල්ලේ සුමංගල හිමි, අනුශාසකවරු වන මාදිවෙල සීවලි , කහවත්තේ ඥානසීහ යන හිමිවරු ද සහභාගි වූහ.

t

o

p