මත්තල ගුවන්තොටුපලට වැය කළ මුදල සොයන්න අවුරුදු 140,000ක් යනවා

December 22, 2014

– දූෂකයන්ට දඩුවම් දෙන දිනය 8 වනදායින් උදාවෙනවා

ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක

ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක

ලෝකයේ ඇති වන නව ආර්ථික රැල්ලත් සමග කටයුතු කිරීමට තෙවන වතාවටත් බලයට පත්වීමට අපේක්ෂා කරන මහින්ද රාජපක්ෂ මහතාට නොහැකි බව ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා අද (22) පිටකෝට්ටේ සෝලිස් හෝටලයෙදී පැවති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සාකච්ඡාවකට එක්වෙමින් ප‍්‍රකාශ කළේය.

මාතර බෙලිඅත්ත මාර්ගය සඳහා කිලෝමීටරයකට ඩොලර් මිලියන 11 ක් වැය කර ඇත. ඒ වියදම රත්තරන් ටොන් 16ක වියදමකි. අධිවේගී මාර්ගයේ හම්බන්තොට කිලෝමීටරයකට ඩොලර් මිලියන 2.4 කට නිම කිරීමට හැකියාව තිබුනත්, ප‍්‍රථම අදියර, කොට්ටාවේ සිට පින්නදූවට ඩොලර් මිලියන 7.5 ක් වැය කර ඇත. කඩවත සිට කිරිල්ලවල වෙත, මාර්ගය සඳහා ඩොලර් මිලියන 56 කි. මත්තල ගුවන් තොටුපොල සඳහා මිලියන 27,000 ක් වියදම් කරත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තාව අනුව එහි මාසික අදායම රුපියල් 16,000 කි. පවතින තත්ත්වය යටතේ මත්තල ගුවන්තොටුපලට වැය කළ මුදල නැවත සොයන්න වසර 140,000 ක් පමණ ගතවේ යැයි චම්පික රණවක පෙන්වා දෙයි. හෝමෝ ඉරෙක්ටර්ස් මානවයා, හෝමෝ සේපියන් බවට පරිවර්ථනය වීමට ගතවූයේ ද මීට සමාන කාලයකි. මෙමත‍්‍රී බුදුන් බුදුවනතුරු ද මේ ණය ගෙවාගත නොහැකි වේ. මහින්ද රාජපක්‍ෂ කොල්ල කා ඇත්තේ වසර ගණනකට නොව කල්ප ගණනකට ජීවත් ව සිටීමේ අරමුණකිනි.

අද විශ්ව විද්‍යාලය තුළින් අවශ්‍ය පුද්ගලයින් බිහිවීමේ වාතාවරණයක් දකින්නට නැහැ. 2013 වර්ෂයේ විශ්වවිද්‍යාල වියදම් කරන මුළු මුදලින් 65% ක් වියදම් කළේ ගොඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ව්‍යාපෘතියක් වන කොතලාවල ආරක්ෂක ඇකඩමියටය. ඉන්  පේරාදෙණිය විශ්වවිද්‍යාලයට 5%ද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට 4% පමණක් වෙන් කෙරුණා. කොතලාවල ආරක්ෂක ඇකඩමිය සඳහා ජාතික ඉතුරු කිරීමේ බැංකුවෙන් ඩොලර් මිලියනයක ණයක් පවා ලබා ගත්තා.

ලංකාව තුළ ලාබ ශ‍්‍රමය අද දක්නට නැහැ. බියගම කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ 16,000 කට පමණ පුරප්පාඩු පවති. වානේ වැනි ක්‍ෂෙත‍්‍ර සඳහා පකිස්තානය, ඉන්දියාව වැනි රටවල් වලින් පැමිණි ශ‍්‍රමිකයින් ලක්ෂ දෙකක් පමණ ලංකාවෙ සිටි. අද වන විට ශ‍්‍රම හිඟයක් ලංකාව තුළ පවතී. ඊධෂ ආයතනය මගින් රට තුළ ආයෝජනය වී තිබෙන්නේ 19% වැනි ප‍්‍රමාණයකි, එයද වාණිජ සේවාවන් නොවේ.

ලංකාව තුළ පාසල් 9,000 ක් පවතී .මහින්දෝදය විද්‍යාගාර 1000 ක් ලංකාවේ පාසල් වල කොටි ගණනක් මුදල් වියදම් කර ඉදි කෙරුණි. නමුත් උසස්පෙළ ගණිතය උගන්වන්නට ගුරුවරුන් සිටින්නේ 800ක් පමණය.

සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූ අය කාර්මික විද්‍යාලවල අධ්‍යාපනය ලබයි. මින් තහවුරු වන්නේ අවසානය  පියවරෙන් පියවර පහත වැටෙන බවයි. ඉංජිනේරුවන් ගණකාධිකාරීවරුන් අද රට තුළ ඉතිරිවන්නේ නැත, බුද්ධිමය වශයෙන් බංකොලොත් වෙමින් පවතී.

මහාමාර්ග සංවර්ධනය කරන වැඩපිළිවෙළ යටතේ, උතුරු දුම්රිය මාර්ගයේ කිලෝමීටර් 66, තලෙයි මන්නාරමට ඇති කිලෝ මීටර 90 දේශීය ඉංජිනේරුවන්ට, ලබාදීමට තිබුණත් එය සිදුවූයේ නැත. එලෙස සිදුකලා නම් ඒ සඳහා වැය වන්නේ ඩොලර් මිලියන 0.4කි. නමුත් උතුරු වසන්තේ මගින් ඉන්දියානු සමාගමකට ඩොලර් මිලියන 2.5ක් ලබා දී ඇත. මේ තුළින් ලංකාවේ දුම්රිය ඉංජිනේරුවන්ගේ වෘත්තීය මට්ටම වසර ගණනකින් පහත වැටී ඇත.

The Editor

Previous story Next story

Leave a comment

t

o

p