ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් තරගයේ අවසන් දිනය අදයි

June 11, 2023

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයේ පස්වන සහ අවසන් දිනය සදහා තරගය අද (11) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භ විය.

මෙම තරගය ජය ගැනීම සදහා ඉන්දියාව අද දිනයේ ලකුණු 280ක් රැස්කර ගත යුතුව තිබේ.

තරගයේ පළමු ඉනිම සදහා සදහා මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සියලුදෙනා දැවී ලකුණු 469ක් රැස්කර ගැනීමට සමත් විය.

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම වෙනුවෙන් ට්‍රැවිස් හෙඩ් ලකුණු 163ක් රැස්කර ගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදීමට පැමිණි ඉන්දීය පිලේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 296ක් පමණී.

අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදීම සදහා පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 270ක් රැස්කර ගෙන සිටියදි ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

ඒ අනුව ඉන්දීය පිලට ලැබුනු අභියෝගය ලකුණු 444කි.

ඉන්දීය පිල පිළිතුරු දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුළු 3ක් දැවී මේ වන විට රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 164කි.

නොදැවී පන්දුවට පහරදෙන විරාට් කෝලි ලකුණු 44ක් සහ අජින්ක්‍යා රහනේ ලකුණු 20ක් රැස්කර ගෙන සිටී.

t

o

p