පාසල් දරුවන්ගේ දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

June 11, 2023

සියලුම පාසල් දරුවන්ගේ ශරීරයේ නිරාවරණය වන ස්ථානවල සුදුසු මදුරු විකර්ශකයක් ගල්වා දරුවන් පාසල් වෙත යොමු කරන ලෙස දෙමාපියන්ගෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කු ඉල්ලීමක් කරයි.

හෙට (12) දින යළිත් පාසල් ආරම්භ වන බැවින් පවතින ඩෙංගු රෝගයෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීමට එය ඉවහල් වනු ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කු සදහන් කරයි.

එනිසා අද (11) දිනයේ දිවයිනේ පාසල් ආශ්‍රිතව දරුවන්ගේ දෙමාපියන් සහ සෞඛ්‍ය අංශයේ සහභාගීත්වයෙන් විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාතක්මක බවද ප්‍රජා වෛද්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කු සදහන් කරයි.

දිවයිනේ රාජ්‍ය ආයතන ආශ්‍රිතව මදුරුවන් බෝවීමේ පරිශ්‍ර බහුල වශයෙන් වාර්තා වීමක් නිරීක්ෂණය වන බවත් එයට හේතුව නොසැලකිළිමත්භාවය බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කරයි.

t

o

p