බස්නාහිරට රතු එළියක්.. ඩෙංගු මරණ 25යි

June 8, 2023

ඩෙංගු රෝගීන් 41,000 කට අධික සංඛ්‍යාවක් මෙම වසරේ මේ වනවිට වාර්තා වී ඇති බවත් ඩෙංගු හේතුවෙන් මරණ 25 ක් සිදුව ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටිගේ සදහන් කරයි.

මේ වනවිට දිවයිනේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවත් කොළඹ නගරයෙන් වාර්තා වන එම රෝගීන්ගේ ගණන සතියෙන් සතිය වැඩි වෙමින් පවතින බවද වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටිගේ සදහන් කරන ලදි.

කොළඹ ,ගම්පහ යන දිස්ත්‍රික්ක වල ඩෙංගු රෝගයේ පැතිරීම වැඩි වී ඇති බවත් ඩෙංගු අධි අවදානම් කලාප 67 ක් මේ වනවිට හදුනාගෙන ඇති බවද වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටිගේ සදහන් කරයි.

t

o

p