ශ්‍රී ලංකාවට පදක්කම් 05ක්

June 6, 2023

වයස 20න් පහළ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක් සමගින් පදක්කම් 05ක් දිනාගනිමින් මේ වන විට සමස්ත පදක්කම් සටහනේ සිවුවැනි ස්ථානයට පත්ව ඇත.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාව රන් පදක්කම් දෙකක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගෙන ඇති අතර තුන් පිම්ම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ මලිත් යසිරුට හිමි විය.

මීටර 400 මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට සමත් වු අතර එම කණ්ඩායමට තරුෂි කරුණාරත්න, ජයෂි උත්තරා, විනෝද් ආරියවංශ සහ ෂෙහාන් ගිලංග ඇතුළත් වේ.

t

o

p