රුසියානු අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්

May 31, 2023

රුසියාව විසින් යුක්‍රේනයේ කියෙව් අගනුවරට දිගින් දිගටම එල්ල කෙරෙන ඩ්‍රෝන ප්‍රහාරයන්ට ප්‍රතිචාර ලෙස මොස්කව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වේ.

රුසියාවේ ගුවන් ආරක්ෂක උපාංග මගින් මෙම ප්‍රහාරය සහ තවත් ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් වැළැක්වූ බව සඳහන්ය. ප්‍රහාරය මගින් නගරයේ ගොඩනැගිලි කිහිපයකට සුලු හානි සිදුවී ඇත.

ජීවිත හානි කිසිවක් සිදු වී නොමැති අතර පුද්ගලයන් දෙදෙනෙකු සුලු තුවාල ලැබු බව වාර්තාවේ.

t

o

p