ඉන්දියාවෙන් පැමිණි වෛරසය රටපුරාම පැතිරෙයි

May 31, 2023

දිවයිනේ පළාත් රැසකටම ගවයන්ගේ සම ආශ්‍රිතව ඇතිවන “සමේ ගැටිති වෛරස් රෝගය” ව්‍යාප්ත වී ඇති බවත් වයඹ පළාත තුළට සහ ඉන් පිටතට ගවයන් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු කර ඇත.

එනිසා එම වෛරසය ආසාදිත වූ රෝග ලක්ෂණ පෙන්නුම් කරන ගවයන් මස් පිණිස ඝාතනය කිරීම සුදුසු නොවන බව වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පශු වෛද්‍ය ජේ.ඒ.එස්.පෙරේරා සදහන් කරයි.

මෙම “ලම්පි ස්කීන් ඩිසීසස්” රෝගය අසල්වැසි ඉන්දියාව හරහා ලංකාවේ උතුරු පළාතටත් ඉන් පසුව උතුරු මැද පළාත හරහා වයඹ පළාතටත් ව්‍යාප්ත වී ඇති අතර ⁣එම රෝගයෙහි ප්‍රධානතම රෝග ලක්ෂණය වෙන්නේ ගවයින්ගේ සමෙහි ඇති වන තුවාලයි.

t

o

p