දිමුත් යළිත් එක්දින පිලට

May 31, 2023

සංචාරක ඇෆ්ගනිස්තානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායමට මතීෂ පතිරණ ද පළපුරුදු වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර සහ කසුන් රජිත ද එක්ව සිටිති.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට දිමුත්ට අමතරව සධීර සමරවික්‍රමව අතිරේක කඩුලු රකින්නකු ලෙස එක් කර තිබේ.

තරගාවලිය ජුනි මස 02 වැනිදා හම්බන්තොටදී ආරම්භ වේ. මෙම තරග 3 ම දිවා තරඟ ලෙසින් පැවැත්වේ.

t

o

p