2023 අයි.පී.එල්. අවසන් මහා තරගයේ කාසිය වාසිය දෝණිට

May 29, 2023

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝණි සමත් විය.

ඒ, අනුව අහමදාබාද් පිටියේ පැවැත්වෙන මෙම තරගයේ දී ඔහු තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

අද තරගය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙපළක් වන මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ චෙන්නායි පිළ නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

දසුන් ශානක ද අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ සාමාජිකයෙක් වෙයි.

t

o

p