ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 350ක ණයක්

May 29, 2023

මෙරට ආර්ථික ස්ථායිකරණය සදහා සහය ලබාදීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 350ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබේ.

විශේෂ ප්‍රතිපත්ති පදනම් කරගත් ණයක් ලෙස අයවැය ශක්තිමත් කිරීම සදහා එම ණය මුදල ලබා දීමට තීරණය කර ඇති බවයි ආසියානු සංවර්ධන බැංකුව අද නිවේදනය කළේ.

එමෙන්ම එම ණය පහසුකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට සපයන ලද විස්තීරණ අරමුදල් පහසුකම මගින් ලබා දෙන පුළුල් මූල්‍යාධාර පැකේජයේ කොටසක් බවද එම නිවේදනයේ සදහන් වෙයි.

මේ අතර ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව අද ප්‍රකාශයට පත්කළ විනිමය අනුපාත අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 289යි සත 89 ක් ලෙස සටහන් විය.

t

o

p