ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ පරිපාලන කටයුතු නාවික හමුදාවට

May 20, 2023

ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ පරිපාලන කටයුතු යුද හමුදාව වෙතින් නාවික හමුදාවට භාරදී තිබේ.

ඒ, 2023 සිට 2025 වර්ෂය දක්වා ඉදිරි දෙවසරක කාලසීමාව සඳහායි.

ආරක්ෂක අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යාංශවල අධීක්ෂණය යටතේ පිහිටුවා ඇති ජාතික රයිෆල් සංගමයට මෙරට තුළ සංවිධාන කරන ඔලිම්පික් නොවන ඕනෑම වෙඩි තැබීමේ ඉසව්වක පාලනය පිළිබඳ වගකීම පැවරෙයි.

ජාතික රයිෆල් සංගමයේ ව්‍යවස්ථාවට අනුව එහි පරිපාලන කටයුතු සෑම වසර දෙකකට වරක් ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත පැවරෙන අතර, ඒ අනුවයි නාවික හමුදාව වෙත එහි පරිපාලන කටයුතු පැවරුණේ.

ජාතික රයිෆල් සංගමයේ සභාපති ලෙස නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් කොමදෝරු මංජුල දිසානායක පත් කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

t

o

p