පාසල් විෂය නිර්දේශය වෙනස් වෙයි

May 20, 2023

සියලුම ආගම්වලට අදාළව ආගමික විෂය නිර්දේශය සංශෝධනය කිරීමට බුද්ධ ශාසන ආගමික කටයුතු අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

මෙම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක විසින් වන අතර එම සංශෝධන 2030 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට මුල්වරට හඳුන්වාදීමටද නියමිතය.

රට තුළ සාරධර්ම, ගුණගරුක දරු පරපුරක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් අදාළ සංශෝධනය කර එහි අත්හදා බැලීම 2024 වසරේ සිදුකිරීමට බුද්ධ ශාසන ආගමික කටයුතු අමාත්‍යාංශය යෝජනා කර ඇත.

පාසලේ ආගමික විෂය ධාරාවට න්‍යායාත්මක කොටස ඇතුළත් කිරීමටත් ප්‍රායෝගික කොටස දහම් පාසල් විෂය ධාරාවට එකතු කිරීම හරහා එම සංශෝධනය කිරීමට නියමිතය.

සාමාන්‍ය පෙළ විභාගයේදී ආගමික විෂයට ලකුණු ලබාදීමේදී සියයට 60%ක් පාසල් අධ්‍යාපනය තුළ ආවරණය කර සියයට 40%ක් දහම් පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන ප්‍රායෝගික අධ්‍යාපනයට අදාළ කරුණු ආවරණය කර ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමටද නියමිතව ඇත.

t

o

p