වසර දෙකකට පසු දිමුත් ශ්‍රී ලංකා එක්දින සංචිතයට

May 19, 2023

ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සහ 2023 ලෝක කුසලාන එක්දින තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය වෙනුවෙන් සාමාජිකයින් 30 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මූලික සංචිතය සඳහා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සුදුසුකම් ලබා තිබේ.

වසර දෙකකට පසුව ඔහුට මෙම අවස්තාව උදා වී ඇත්තේ පුහුණුවීම් අතරතුර පැතුම් නිස්සංක ආබාධයකට ලක්වීම සහ කුසල් ජනිත් පෙරේරා පූර්ණ සුවයක් ලැබී නොමැති බැවින් බව සඳහන් වෙයි.

2021 වසරේ මාර්තු මාසයේ දී කොදෙව්වන් සමඟින් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලදී පැවති එක්දින තරඟයකට සහභාගී වූ අතර ඉන් පසුව ඔහු එක්දින තරගවලින් ඉවත් කර තිබිණි.

t

o

p