වාහනවල පොතේ වෙනසක්

May 19, 2023

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වෙනසක් සිදුකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වාහනයක වත්මන් හිමිකරුගේ සහ පෙර හිමිකරුගේ නම් පමණක් ඇතුළත් කිරීමට තීරණය කර ඇත.

මෙම තීරණය පෙරේදා (17) දින සිට බලපැවැත්වෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

t

o

p