සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

May 17, 2023

කොවිඩ් වෛරස තත්ත්වය හිස ඔසවමින් ඇති මොහොතක තම තමන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් නැවතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැඳීම සිදුකළ යුතු බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කරයි.

කොවිඩ් වෛරස රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ මේ වනවිට බිම්මට්ටමේ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් දැඩි සෞඛ්‍ය ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවද සභාපති උපුල් රෝහණ සදහන් කරයි.

උපුල් රෝහණ තවදුරටත් සදහන් කළේ,

“කොවිඩ් -19 යැයි සැකසිතිය හැකි රෝග තත්ත්වයක් විශාල වශයෙන් පැතිරෙමින් තියෙනවා. පාසල් තුළ හා ආයතන තුළ වසංගත තත්ත්වයෙන් පැතිර යමින් තියෙනවා. ඒ නිසා අපි මහජනතාව විදියට වගකීමෙන් මේ මොහොතේ වැඩකළ යුතුයි.

විශේෂයෙන්ම කොවිඩ් -19 පාලනයට අදාළව අපි කලින් හඳුන්වා දුන් සෞඛ්‍ය උපදෙස්, විශේෂයෙන්ම දෑත් පිරිසිදුව තබාගැනීම, ස්වසන පද්ධතියේ ස්වස්තතාවය පවත්වාගැනීම වැනි කටයුතු ඉතාම වැදගත්.

විශේෂයෙන් මහජනතාව වැඩිය එක් වන ස්ථානවල ගැවසීමෙන් තොරවීම හා නැවත වරක් මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කරගන්න එක තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගැනීමට වගේම ජීවිතය ආරක්ෂා කරගැනීමට ඉවහල් වෙනවා. විශේෂයෙන් රෝහල් ගතවන රෝගීන් සහ මියයන රෝගීන්ගේ පමණයි මෙම ආසාදන තත්ත්වය තහවුරු කරන්නේ.

ඒ නිසා අපිට යම් සැකයක් උපදිනවා බිම් මට්ටමේ කොවිඩ් -19 රෝගය යම් මට්ටමකට පැතිර යමින් තියනවා කියලා. ඒ නිසා තමන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කලින් ලබාදුන් සෞඛ්‍ය උපදෙස් සියල්ල දැඩිව පිළිපැදීම ඉතාම වැදගත් වෙනවා.”

t

o

p