රුසියානු තාක්ෂණයෙන් ලංකාවට න්‍යශ්ටික බලාගාරයක්

May 16, 2023

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී මෙම කරුණ අනාවරණය විය.

රුසියානු තාක්ෂණික සහය ඇතිව ශ්‍රී ලංකාවේ පළමු න්‍යශ්ටික බලාගාරය 2032 වනවිට ඉදිකිරීමට සියලු කටයුතු සූදානම් බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ නව රුසියානු තානාපති Levan Dzhagaryan ද පසුගිය මාසයේ ප්‍රකාශ කළේ මෙගාවොට් 55ක න්‍යෂ්ටික බලාගාර දෙකක් ඉදිකිරීමට සහාය දීමට රුසියාව සූදානම් බවය.

එය ආරම්භයේදී, බලාගාර දෙකක් වුවද, පසුව එක්වන බලාගාර හතරක් සමග අවසානයේ බලාගාර හයක් දක්වා විය හැකි බව ඔහු කියා තිබුණි.

t

o

p