ඩෙංගු රෝගීන්ගෙන් අයි.ඩී.එච්. පිරේ

May 17, 2023

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය මේ වන විට ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බව වාර්තාවේ. එහි ඩෙංගු රෝගීන් සඳහා මීට පෙර එක් වාට්ටුවක් වෙන් කර තිබුණද රෝගීන්ගේ වැඩිවීම නිසා ඔවුන් වෙනුවෙන් තවත් වාට්ටු තුනක් වෙන් කර දීමට රෝහල් බලධාරීන්ට සිදුව තිබේ.

මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ඩෙංගු රෝගීන් හැට හය දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර දිනකට බාහිර රෝගී අංශය වෙත පැමිණෙන රෝගීන්ගෙන් දොළොස් දෙනකු ඩෙංගු රෝගීන් බවත් වාර්තා වේ.

මෙවැනිම තත්ත්වයක් දිවයිනේ අනෙකුත් රෝහල්වලින්ද වාර්තා වන අතර මේ වනවිට දිස්ත්‍රික්ක නවයකම ​ඩෙංගු රෝගීන් තිස් දහසකට ආසන්න සංඛ්‍යාවත් වාර්තා වී තිබේ.

මේ අනුව රජයේ ආයනත, පුද්ගලික ආයතන, පාසල්, ආගමික ස්ථාන, පොදු ස්ථාන ආදිය පිරිසුදු කිරීමේ කටයුතු සිකුරාදා උදය වරුවේ සිදු කිරීමට නියමිතය.

t

o

p