ලංවිම ප්‍රතිව්‍යූහගතකිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

May 17, 2023

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) පවත්වා තිබේ.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ ලෝක බැංකු නියෝජිතයින් අතර මෙම සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වෙයි.

මෙම සාකච්ඡාව සඳහා ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය සහ බංග්ලාදේශය වෙනුවෙන් කටයුතු කරන විධායක අධ්‍යක්ෂවරයා එක්ව සිටි බව අමාත්‍ය කංචන විජේසකර නිකුත් කළ ට්විටර් සටහනේ සඳහන් වෙයි.

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවල සහ ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් මෙහි දී සාකච්ඡා වී තිබේ.

මේ අතර සුළං බල ව්‍යාපෘති මෙන්ම ඉදිරි පුනර්ජනනීය බලශක්ති වෙනුවෙන් ලෝක බැංකුව ලබාදෙන මූල්‍ය සහාය පිළිබඳව බලශක්ති අමාත්‍යවරයා සිය ස්තූතිය ද පළ කර සිටියි.

t

o

p