බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තරගාවලි ජයක්

May 12, 2023

සංචාරක බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය දෙකට එකක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

ඒ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ අද පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 44 කින් ජය ගනිමින්.

තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුලදී කඩුලු 3 ක් දැවී ලකුණු 158 ක් ලබා ගන්නා ලදි.

එහිදී නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 63 යි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුලදී කඩුලු 7 ක් දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 114 ක් පමණයි.

t

o

p