පාසැල් වොලිබෝල් ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක්

May 12, 2023

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, ජාතික ඔලිම්පික් කමිටුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සබරගමුව පළාතෙහි කාන්තා වොලිබෝල් ප්‍රවර්ධනය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් සංවිධානය කර ඇත.

මෙම වැඩසටහනට සහභාගිවන තාක්ෂණික නිලධාරීන් සඳහා වැඩමුළුවක් අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික ඔලිම්පික් කමිටුව සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2023 මැයි මස 12 වන දින පෙ.ව 09.00 සිට ප.ව 05.00 දක්වා රත්නපුර නව නගර ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැත්වේ.

මෙම වැඩමුළුවට සබරගමුව පළාතේ පාසැල් 50ක විෂයභාර ගුරුභවතුන් හා සබරගමුව පළාතේ කලාප අධ්‍යාපන කාර්යාල 07 හි ක්‍රීඩාවිෂයභාර අධ්‍යක්ෂකවරුන්ද සහභාගීවිමට නියමිතය.

t

o

p