උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කරන්න විශ්‍රාමික ගුරුවරුන්ටත් අවස්ථාව

April 30, 2023

2022 වර්ෂයට අදාළව පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම සඳහා පසුගිය වසරේ දෙසැම්බර් 31 දිනෙන් පසුව විශ්‍රාම ගිය ගුරුවරුන්ටද අයදුම්පත් යොමු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

උත්තර පත්‍ර ඇගයීම් සඳහා පරීක්ෂකවරුන් බඳවා ගැනීම මේවනවිට ආරම්භ කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මාර්ග ගත ක්‍රමය ඔස්සේ ඊට අදාළ බඳවා ගැනීමේ කටයුතු සිදු කරන අතර එය මැයි මස 2වනදායින් අවසන් වෙයි. විෂයන් කිහිපයක දෙමළ මාධ්‍යයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම් මේවනවිටත් ආරම්භ කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර, උසස් පෙළ විභාගයේ ඉතිරි ප්‍රායෝගික පරීක්ෂණද කඩිනමින් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ, දේශීය, භරත නර්තනය හා පෙරදිග සංගිතයට අදාළ විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණයි. සෙසු විෂයන් රැසක ප්‍රායෝගික පරීක්ෂණ මේවනවිට පවත්වා අවසන්.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29වනදා සිට ජූනි 8වනදා දක්වා පැවැත්විමටයි විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ.

t

o

p