මැයි රැලියට දේශපාලන පක්ෂ සියල්ල සුදානම් !

April 30, 2023

ලෝක ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති මැයි පළමුවැනි දින ලංකාවේ දේශපාලන පක්ෂ රැසක්ම මැයි (01) දින පෙළපාලි සහ රැස්වීම් සංවිධානය කර ඇත.

ඒ අනුව පොදුජන පෙරමුණ බොරැල්ල කැම්බල් පිටියේ මැයි රැලිය පැවැත්වීමට නියමිත අතර ජනතා විමුක්ති පෙරමුණ බී.ආර්.සී. පිටියේ මැයි රැලිය පැවැත්වීමට නියමිතයි.

විපක්ෂ සමගි ජන බලවේගය මැයි රැලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ පිටකොටුව ඒ.ඊ. ගුණසිංහ පිටියේ වන අතර නිදහස මහජන සභාව මහනුවරදී සිය පළමු මැයි රැලිය පැවැත්වීමට සැලසුම් කර ඇත.

t

o

p