පහත් බිම් රැසක් ජලයෙන් යටවේ

April 30, 2023

කෙසෙල්ගමු ඔය දෙපස පහත්බිම් රැසක් ජලයෙන් යට වී ඇති අතර, එම පහත්බිම් හරහා බගවන්තලාව වතු ගණනාවකට පිවිසෙන මාර්ග යටවී තිබේ.

ඊයේ (29) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් නිසා කෙසෙල්ගමු ඔය පිටාර ගැලීමත් සමඟ මාර්ගවල රථ වාහන ගමනා ගමනයට ද බාධා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ජල ගැලීමත් සමග පහත්බිම් වල වගා කර තිබු එළවළු වගාවන් වලට ද දැඩි අලාභ හානි සිදුව ඇති බවටගොවින් පවසයි.

t

o

p