දන්සැල් ලියාපදිංචිය ඇරඹේ

April 29, 2023

වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන දන්සැල් ලියාපදිංචි කිරීම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ මේ වන විට ආරම්භ කර තිබේ.

පැවැත්විමට බලාපොරොත්තුවන දන්සැල් වර්ගය, පවත්වනු ලබන දින ගණන, පවත්වන ස්ථානයන්, පරිසරයේ ස්වභාවය ආදිය පිලිබඳව සදහන් කර ලිපියක් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලබා දී ලියාපදිංචිය ලබා ගත හැකි බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයන් මගින් ලියාපදිංචිය ලබා දුන් පසුව දන්සැල පැවැත්වීමට පෙර එහි භාවිත කරන අමුද්‍රව්‍ය පිලිබඳව පරික්ෂා කිරීම සහ පිසූ ආහාර පරික්ෂා කිරිම අඛණ්ඩව සිදුකරන බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේ.

මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් පාචන තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ජලමූලාශ්‍රයන් පිලිබඳව වඩාත් සැලකිලිමත් වන්නැයි දන්සැල් සංවිධායකවරුන්ගෙන් සංගමය විශේෂ ඉල්ලිමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

t

o

p