බස්නාහිර පළාතේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

April 26, 2023

බස්නාහිර පළාතේ සියලු ප්‍රදේශ අවරණය කරමින් අද (26) සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ඉන්දික විරසිංහ මහතා සඳහන් කළේ, බස්නාහිර පළාත තුළ පවතින ඩෙංගු අවදානම සැළකිල්ලට ගනිමින් එය ක්‍රියාත්මක කරන බවයි.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 27, 800 කට අධිකය.

මෙහිදී සියලු රාජ්‍ය හා පාසල් පරිශ්‍ර ද පරීක්ෂාවට ලක් කරන බව වෛද්‍ය ඉන්දික විරසිංහ ප්‍රකාශ කළේ ය.

t

o

p