වැඩිම කොරියානු රැකියා කෝටාව මෙම වසරේ

April 25, 2023

ඉතිහාසයේ වැඩිම කොරියානු රැකියා කෝටාව මෙම වසරේදී ලබාගැනීමට හැකි වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කළේ මේ වසර සඳහා කොරියානු රැකියා 6500 ක කෝටාවක් ලැබී ඇති බවයි.

එමෙන්ම ඊයේ දිනයේදී ධීවර අංශයේ රැකියා සඳහා 109 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කොරියාව බලා පිටත්ව ගියා.

ඊට අමතරව හෙට දිනයේදී තවත් ශ්‍රමිකයින් 65 ක්ද අනිද්දා ශ්‍රමිකයින් 28 ක් කොරියාව බලා පිටත්ව යාමට නියමිත බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය නිවේදනය කළේ.

t

o

p