පවතින අධික උණුසුම හේතුවෙන් ඇතිවිය හැකි විජලනයෙන් මිදීම සඳහා සෑම පැය භාගයකට වරක්ම ජලය මිලිලීටර් 200ක් පමණවත් පානය කළ යුතු යැයි කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව සදහන් කරයි.
පෙරවරු 9.00 සිට සවස 4.00 දක්වා දිනපතාම සෑම පුද්ගයකුම එලෙස ජලය පානය කිරීමට අමතරව හැකි තරම් දියරවර්ග පානය කළ යුතු බවද විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව සදහන් කරයි.
තවද සෑම පුද්ගලයෙකුම පිපාසය සෑදෙන තුරු නොසිට හැකි තරම් ජලය නිතර නිතර පානය කළ යුතු බවත් අව්රශ්මියට නිරාවරණය වීමෙන් වැළකිය යුතු බවද විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව සදහන් කරයි.
විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව තවදුරටත් සදහන් කළේ, රටේ පාසල් දරුවන්ට අව්රශ්මියෙන් සිදුවිය හැකි හානිය වළකා ගැනීම සඳහා කළ යුතු උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කර ඇති බවයි.