පළමු කාර්තුවේ බදු ආදායම රුපියල් මිලියන තුන් ලක්ෂ 16,000 ඉක්මවයි

April 24, 2023

2022 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුවේ බදු ආදායම රුපියල් මිලියන එක් ලක්ෂ 70,054 කින් වර්ධනය වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

2022 වසරේ පළමු කාර්තුවේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රැස්කරන ලද සමස්ථ බදු ආදායම රුපියල් මිලියට එක් ලක්ෂ 46,565 ක් වූ අතර එය මෙම වසරේ පළමු කාර්තුවේදී රුපියල් මිලියන තුන් ලක්ෂ 16,619 ක් දක්වා වර්ධනයවී තිබේ.

එය පෙර වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 216 ක වැඩිවීමක් බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඩී.ආර්.එස්. හපුආරච්චි පැවසුවේ.

රජයේ නව බදු ප්‍රතිපත්තිය මෙන්ම රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම සහ බදු පරිපාලනයේ කාර්යක්ෂමතාවය වර්ධනය වීම ආදී කරුණු බදු ආදායම ඉහළ යාමට හේතුවූ බවද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

t

o

p