හම්බන්තොට භූකම්පනයක්

April 24, 2023

අද (24) දින අලුයම 12.45ට පමණ හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් වූ භූකම්පනයක් හටගෙන ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සදහන් කරයි.

එම භභූකම්පනය රික්ටර් මාපකයේ ඒකක 4.4ක ප්‍රබලත්වයක් සටහන් කළ බවද භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සදහන් කරයි.

කෙසේ වෙතත් එම භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවද භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය තවදුරටත් සදහන් කරයි.

t

o

p