රුසියානු ප්‍රහාරක ජෙට් යානාවකින් රුසියාවටම ප්‍රහාරක්

April 21, 2023

රුසියානු ප්‍රහාරක ජෙට් යානාවක් යුක්රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියානු නගරයකට ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙලෙස අත් වැරදීමකින් ප්‍රහාරය එල්ල වී ඇත්තේ යුක්රේන දේශ සීමාව ආසන්නයේ පිහිටි බෙල්ගොරොඩ් නම් නගරයටයි.

ඒ හේතුවෙන් එම නගරයේ ගොඩනැගිලි වලට හානි සිදු වී ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව රුසියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි.

එස්යූ-34 සූපර් සොනික් ප්‍රහාරක ජෙට් යානාවක් මගින් මෙලෙස අත්වැරදීමකින් බෝම්බයක් මුදා හැර ඇති අතර බෝම්බය පතිත වීමෙන් මීටර් 20ක පමණ අවාටයක්ද නගරයේ සැදී ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.

t

o

p