රාමසාන් දිනය අදයි

April 22, 2023

ශ්‍රී ලංකාවේ ඇතුළු රටවල රැසක ඉස්ලාමීය බැතිමතුන් අද(22) ඊදුල් ෆිත්ර් හෙවත් රාමසාන් උත්සවය සමරයි.

රාමසාන් යන්නෙහි තේරුම භාග්‍යවත් මාසය යන්නයි.

පුරා මාසයක් දිනපතා හිරු නැගෙන්නට පෙර සිට හිරු බැස යනතුරු නිරාහාරව සිට ඉස්ලාම් බැතිමතුන් උපවාස සීලය රකී.

මෙය ආත්ම දමනය කෙරෙන පුණ්‍ය කාලයක් මෙන්ම අනෙකාගේ බඩගින්න, දුක සහ අවශ්‍යතා තේරුම් ගන්නා කාලයකි.

මේ කාලය තුළ සකාත් හෙවත් දන්දීම් වැඩි වශයෙන් සිදු කළ යුතුයි.

එහි අදහස වන්නේ හැමෝටම අවුරුදු දිනයේ බඩගින්න නිවා ගැනීමට ඉඩ සැලසීමයි.

රාමසාන් මාසය තුළ උදාවන ලයිලතුල් කදිර් නම් රාත්‍රියේ ශුද්ධ වූ අල් කුර්ආනයේ වැකි පහළ වූ බවට ඉස්ලාම් බැතිමතුන් විශ්වාස කරයි.

රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ,පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට එම උපදෙස් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන පළාත්වල එම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක බව ඔහු ප්‍රකාශ කළේ ය.

රාමසාන් උත්සවය ලබන 23 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

t

o

p