සියලුම පාසල් සිසුන් සඳහා මැයි මස 15 වනදා වනවිට පෙළ පොත් බෙදා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, මේ වන විට 80%ක ප්‍රමාණයක් සඳහා පෙළ පොත් ලබා දී අවසන් බවයි.
එමෙන්ම පාසල් නිල ඇඳුම්වලින් ද මේ වන විට 85%ක ප්‍රතිශතයක් ලබා දී අවසන් අතරම මැයි මස 15 වනදා වන විට සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නිල ඇඳුම් ද ලබා දී අවසන් කරන බව එම නිවේදනයයේ දක්වා තිබේ.