අද කොළඹ ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අඩාලවෙයි

April 9, 2023

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (09) දින ජල සැපයුම කප්පාදුවක් සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එමෙන්ම කොළඹ 01,02,03,04,07,08,09,10 සහ 11 යන ප්‍රදේශවලට ජලය සැපයෙන්නේ ද අඩු පීඩන තත්ත්වයක් යටතේ බව එම මණ්ඩලය සඳහන් කරයි.

ජල සම්ප්‍රේෂණ බිඳ වැටීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇත.

ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ, මේ හේතුවෙන් අද(09) දින දහවල් 12.00 තෙක් උස් ස්ථානවලට සැපයෙන ජලය අඩු වීමක් ද, ජල කප්පාදු වීමක් ද ඇතිවිය හැකි බවයි.

t

o

p