ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන්ට මෙවර අවුරුදු සැමරීම සඳහා රුපියල් 30000ක්

April 8, 2023

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන්ට මෙවර අවුරුදු සැමරීම සඳහා රුපියල් 30000ක මුදලක් ලබා දී තිබේ. සංස්ථාවේ සහ කොළොන්නාව තොග නිමාවේ සේවකයන් හාරදහස් දෙසියකගේ(4200) ගිණුම්වලට මෙම මුදල බැරකොට ඇති අතර ඒ සඳහා රුපියල් කෝටි දොළහකට අධික මුදලක් වැය වී ඇති බවයි සංස්ථා ආරංචි මාර්ග පවසයි.

එහෙත් එම මුදල ලැබුණේ කෙසේද යන්න එහි සේවකයන් නොදන්නා අතර එය උත්සව අත්තිකාරමක් ලෙස ලබා දුන්නේද එසේ නොමැතිව අලුත් අවුරුදු ප්‍රසාද දීමනාවක් ලෙස ලබා දුන්නේද යන්න සම්බන්ධයෙන් තමන් මේ වනතෙක් දැනුවත්ව නොමැති බව එහි සේවකයෝ පවසයි.

t

o

p