කටුනායක ගුවන් ගමන් ප්‍රමාදයක්

April 8, 2023

කටුනායක ගුවන් තොටුපළ අවට පවතින දැඩි වර්ෂාව හේතුවෙන් ගුවන් තොටුපළෙන් පිටත්වෙන සහ පැමිණෙන ගුවන් යානා කීපයක ප්‍රමාද වීම් සහ අවලංගු කිරීමට ඉඩ ඇති බව කටුනායක ගුවන්තොටුපොළ වාර්තා කරයි.

අද දින ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත අලුයම 04.45 ට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 12 කට ආසන්න කාළයක් ප්‍රමාද වී පැමිණි බවත් ඩුබායි බලා පිටත්ව යන ගුවන් යානයක් පැය 15 කට ආසන්න කාලයක් ප්‍රමාද වී ඇති බවද වාර්තා කරයි.

තවද ලංකාවේ සිට ඉන්දියාවේ මුම්බායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් යානය අවලංගු කර ඇති බවත් මුම්බායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයද අවලංගු කර ඇති බවද වාර්තා වේ.

t

o

p